ඇයි MIRRORLESS කැමරා මිල වැඩි ?

හොඳම කැමරාව Sony ද Nikon ද Canon ද  කියන එක වගේම හැමෝටම තියෙන ප්‍රශ්නයක්  තමයි Mirrorless ද හොඳ DSLR ද හොඳ කියන එකත් ඒ වගේම ප්‍රශ්නයක් . හොඳ වර්ගයේ මොකක්ද කියන එකට වඩා අද අපි බලන්නේ සාපේක්ෂව මිරර්ලස් කැමරාවල මිල ගණන් වැඩිවෙන්නේ ඇයි කියලා.

සාමාන්‍යයෙන් වෙළඳපළේ තිබෙන ඩිජිටල් කැමරාවලින් Mirrorless කැමරා DSLR camera වලට වැඩියෙන්ම මිලෙන් වැඩියි වලින් .Entry Level අඩුම කැමරා එකත් brand new ආසන්න වශයෙන් ලක්‍ෂ දෙක හමාරක් වගේ වෙනවා.ඇයි මෙහෙම වෙන්නෙ ඒකට හේතුව අපි බලමු.

මෙහෙම වෙන්න ප්‍රධාන වශයෙන් හේතු දෙකයි තියෙන්නේ.

අති පන්ඩිතයො නැති, කාටවත් හිනා වෙන්නෙ නැති,බොරු ශෝ කාරයො නැති, real වැඩ්ඩො ඉන්න    අපේ whatsapp group එකට Join වෙලා හිතේ තියෙන ඔක්කොම ප්‍රශ්න අහන්න. හැම දෙයක්ම දැනගන්න 

1. වඩාත් දියුණූ තාක්ශණයක් භාවිතා කිරීම

DSLR කැමරා වලට වඩා දුයුණු Auto Focus , Electronic Shutter , වැඩි Frame rates ඒ වගේම sensor එකේ තියෙන සුවිෂේශි බව නිසාම mirrorless කැමරා වලට නිශ්පාදන වියදම වැඩී.

මේ ගැන තාක්ශනිකව ඉස්ස්රහට කතා කරමු.පහල තියෙන්නෙ sensor වර්ගය අනුව කොච්ච්‍ර නිශ්පාදන වියදමක් යනවද කියල අදහසක් ගන්න.

Technological FeaturesAverage Price Range (USD)
Standard$500 – $1,000
Advanced Autofocus$1,000 – $2,000
Sensor TypeAverage Manufacturing Cost
CMOS$300 to $500
BSI$500 to $700
Stacked$700 to $1000

2. වෙලඳපල ඉල්ලුම අඩු බව

තවමත් mirrorless කැමරා කරලියට එන්න පටන් අරන් වැඩි කාලයක් නැති නිසා භාවිතා කරන අයගෙ අඩුවක් තියෙනව.විශේෂයෙනම අලුත් තාක්ශණයක් භාවිතා කරන්න ගන්න එකට මිනිස්සු පොඩ්ඩක් හිමින් හුරු වෙන නිසා තව ටික කාලයක් මේ ඉල්ලුම අඩු බව රඳා පවතීවි.

ඉතින් මේ කැමරා වල නිෂ්පාදන වියදම ඉහල නිසා ලොකුවට මිල අඩු කරන්න කැමරා brands වලට බැරි බ කියල තියෙනව.

හැබැයි මේ වෙනකොට Mirrorless Camera , DSLR වෙලඳපොල ඉතා වේගයෙන් අත්පත් කරගෙන යනව.විශේෂයෙන්ම වෘත්තිමය චායාරූපකරන ශිල්පියො විශාල වශයෙන් mirrorless වලට මාරු වෙමින් සිටිනව.

ඒ කියන්නෙ DSLR ගන්න එපා කියන එකද ? නෑ මේ කිව්වෙ ඉස්සරහ ගැන හිතල.තවමත් ලංකාවෙ සාමාන්‍ය කෙනෙක්ට ගන්න පුලුවන් මට්ටමේ තියෙන්නෙ DSLR කැමරා බවත් මතක තියා ගන්න ඕනෙ.  

දැනට ලංකාවෙ Brand New මිලදී ගන්න පුලුවන් entry level Mirrorless Camera කිහිපයක්

BrandModelPrice (USD)Price (LKR)
CanonCanon EOS M50 II$649259,600 LKR
CanonCanon EOS M200$549219,600 LKR
CanonCanon EOS M100$449179,600 LKR
NikonNikon Z 50$859343,600 LKR
NikonNikon Z fc$959383,600 LKR
NikonNikon Z 5$1,399559,600 LKR
SonySony Alpha a6000$649259,600 LKR
SonySony Alpha a6100$749299,600 LKR
SonySony Alpha a6400$899359,600 LKR

*මෙම මිල ගනන් වෙනස් විය හැකි අතර ආසන්න වශ්‍යෙන් මිල ගනන් ගැන අදහසක් ලබා ගන්න පමණක් සඳහන් කර ඇත.

අති පන්ඩිතයො නැති, කාටවත් හිනා වෙන්නෙ නැති,බොරු ශෝ කාරයො නැති, real වැඩ්ඩො ඉන්න    අපේ whatsapp group එකට Join වෙලා හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අහන්න. හැම දෙයක්ම දැනගන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *