Photography Job in Sri Lanka | රස්සාවට photo ගන්න කෙනෙක් වෙන්නෙ මෙහෙමයි

Photography කරන සහ කරන්න ඉන්න ගොඩක් අය දන්නෙ නැති දෙයක් තමයි ලංකාවතුල චායාරූප ශිල්පියො / Photographer සඳහා රැකියා අවස්තා තියෙනව කියන එක.

Photographer කියන්නෙ freelance විදිහටම කරන කෙනෙක් නෙවෙයි.ඒක ලොකු මිත්‍යාවක්.තමන්ටම කියල studio එහෙම නැත්තම් company තියෙන්න අවශය නෑ.පටන් ගැනීමක් විදිහට රැකියාවකට යන එකත් ඔයාලට තියෙන එක option එකක්.

Studio , ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන වගේම විවිධ photo agency මේ වෙනකොට ලංකාවතුල චායාරූපශිල්පියො බඳවා ගැනිම් කරනව.

නිදහස් විදිහට (Freelancing) හෝ ස්ථීර ක්‍රමයට වගෙත්.උදාහරණයක් විදියට ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය සියල්ලගේම ඡායාරූප ශිල්පියො ඉන්නවා.ඊට අමතරව විවිධ රටවල් වල මාධ්‍යායතනය මගින් ලංකාව තුළ ඡායාරූප ශිල්පියො පත් කරලා සිටිනවා.

මම පහලින් ඒ වගේ බඳවා ගැනීම් කරන අවස්තා කිහිපයක් notice ටිකක දාල තියෙනව.

ඒ අයදුම් පත්‍ර වලිනුත් පිළිගත හැකි මට්ටමේ තියන අයදුම් අයදුම්පත්‍ර ඉතාම ස්වල්පයයි තියෙන්නේ.

ලංකාවේ මේ වෙනකොට වෘත්තීමය ඡායාරූප ශිල්පීන්ගේ අඩුවක් තියෙනවා.ඒක මට ගොඩක්ම තේරුනේ අපි වැඩ කරන ෆොටෝ ඒජන්සිස් වලට අලුතෙන් ඡායාරූප ශිල්පී බඳවා ගන්න කොට ඒවට ලැබෙන  අයදුම් පත්‍ර ගාණ ඉතාම අඩුයි.


මේ වගේ job එකකදී අනිවාර්යයෙන්ම  ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් 2
ක් තියෙනව.

1. CV / Bio Data ( ඔයාගෙ සම්පූර්ණ විස්තර)

CV එකක් ගැන අහල නැති කෙනෙක්නම් ඉන්න විදිහක් නෑ. ඕනෑම රැකියාවකට බඳව ගන්නකොට තමන්ගෙ නම , වයස , ලිපිනය ,අධ්‍යාපන සුදුසුකම් , වෘත්තීය සුදුසුකම්  වගේ මූලික දේවල්(ජීව දත්ත) එකතු කරල පින්තූරයක් එක්ක හදපු ලියවිල්ල.

මේක PDF එකක් හදල තියගන්න ඕනෙ.

මේකක් හරියටම හදාගන්න ක්‍රමය මම ඉස්සරහට ලිපියකින් ලියන්නම්.

2. Portfolio (කරපු වැඩ පිලිබඳ විස්තරයක්)

ඔයා මේ වෙනකොට අරන් තියෙන photo එක තැකට ගන්න.ඒකට ඔයාලට ඕනෙ තරම් option තියෙනව.

ඉස්සරනම් photobook එකක් එහෙම නැත්නම් print කරපු තමන්ගෙ හොඳම photos ටික print කරල පෙන්නුව.දැනටත් ඒක කරන අය ඉන්නව.ඒකම කරන්න ඕනෙ කියල දෙයක් නෑ ඔයාට පුලුවන් digital media පාවිච්චි කරන්න.

Social Media , website වගේ දේවල් වලින් මේක ලේසියෙන්ම කරන්න පුලුවන්.

එහෙම නැතිව මම කරපු වැඩ කියල ඒ ඔක්කොම phone එකේ save කරගෙන ඉඳල whatsapp එකට photo 100ක් එවන්න එපා.

තව දෙයක් තමයි porfolio එක ඉල්ලපුවහම ඔයාගෙ personal social media accounts දෙන්න එපා.ඒක වෙනම තියාගන්න.


ඉතින් මේ කරුණු දෙක හරියට ලෑස්ති කරගන්න වෙනව photography රැකියාවකට apply කරනකොට.

මීට අමතරව දැන ගන්න ඕනෙ දේවල් තියෙන්ම් පහලින් comment කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *