NIKON කැමරා නම් කරන ක්‍රමය

ලංකාවේ photography පටන් ගන්න කැමරාවක් හොයන හැමෝම වගේ Nikon brand එකේ කැමරා හොයනව.මෙහෙම හොයන කැමරාවල මොඩල් නම්බර් එක අනුව කැමරාව මොන ගණයටද අයත් වෙන්නේ කියලා දැනගන්න හැමෝම කැමතියි.

ඒ කියන්නේ Nikon Brand එකෙන් නිපදවන හැම කැමරාවක්ම වෘත්තීය මට්ටමේ අයට විතරක් නෙවෙයි. photography පටන් ගන්න ,ඉගෙන ගන්න ආස,තමන්ගේ බජට් එකේ හැටියට කැමරා මොඩල් නිපදවලා තියෙනවා.

මුලින්ම කියන්න ඕනේ මේ තියෙන්නේ Nikon ඩිජිටල් කැමරාවල dslr නම් කරන විදිය තමයි මේ ලිපියෙ තියෙන්නේ.
නිකෝන් කැමරාවක නිකෝන් නමට පස්සේ ඩී අකුරක් සහ අංකයක් යෙදෙනවා.

උදා – Nikon D5300 / Nikon D7500

nikon කැමරා කාණ්ඩ ප්‍රධාන වශයෙන් කාණ්ඩ පහකට බෙදෙනවා. පහළ පින්තූරය දාලා තියෙන්නේ ඒ කාණ්ඩ පහට අදාලව නිකොන් සමාගම නිකුත් කරපු අංක කාණ්ඩය .බොහෝ වෙලාවට මේ කාණ්ඩ පටන් ගන්න ඉලක්කමින් තමයි මොන වර්ගයටද අයත් වෙන්නේ කියලා කියන්න පුළුවන්.

විශේෂයෙන් මුලින්ම මතක තියාගන්න ඕනෑම කාණ්ඩයක Higher the Number Newer the Camera. අංකය විශාලයි කියන්නෙ කැමරාව අලුත්.

උදා – D5000 ට වඩා D5300 අලුත් , D60 ට වඩා D70 අලුත්

Nikon camera naming simply explained

Entry Level – Photo එකක් ගන්න  අලුතෙන්ම එන අයට.කැමරාවක් අලවත් නැති අයටම හදපු ඛාණ්ඩය.

Consumer – සාමාන්‍ය භාවිතය සඳහා නිපදවපු කැමරා ඛාණ්ඩය

Enthusiastic – Photography සදහා ආසාවක් ඇති වුන කෙනෙක්ට නිශ්පාදනය කරපු වර්ග

Prosumer – ඉගෙනග ඉවර වෙලා රස්සාව විදිහට (චායරූශිල්පියෙක්) කරන්න පටන්  ගන්න අයට.

Pro – වෘත්තීය මට්ටමේ චායාරූපශිල්පියන්ට 

  • ලංකාවෙ ගොඩක් වෙලාවට photography පටන්ගන්න ඉන්න්න අය හොයන්නෙ සහ ඉල්ලන්නෙ D5xxx , D3xxx series වල කැමරා තමයි.ඒ මොඩල් ටිකක් දරන්න පුලුවන් සහ මිල අනුව ඉතා සාධාරනයි.

  • මම කැමරා විකුනන කෙනෙක් නොවන නිසා මම හොඳම මොඩල් එක මොකක්ද කිය්ල දන්නෙ නෑ.හැබැයි මේ guide එකෙන් ගොඩක් කැමරා විකුණන අය කියන බොරු අහුවෙනව.

  • මම recommend කරන්නෙත් consumer හරි Enthusiastic මොඩල් වලින් එකකට යන්න කියල. D5000 , D3000න් පටන් ගන්න series එක .

මේ ලියල තියෙන්නෙ මේ model ගැන හැම විස්තරයක්ම නෙවෙයි, හැබැයි දැගන්න ඕනෙ ටික තියෙනව.එක එක්කනාගෙන හන්නෙ නැතිව තනියම  තමන්ට අවශ්‍ය කැමරව හොයාගන්න පුලුවන් වෙන්න මම මේ ටික ලිව්වෙ.

 

අති පන්ඩිතයො නැති, කාටවත් හිනා වෙන්නෙ නැති,බොරු ශෝ කාරයො නැති, real වැඩ්ඩො ඉන්න    අපේ whatsapp group එකට Join වෙලා හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අහන්න. හැම දෙයක්ම දැනගන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *