කැමරාව පදවන්න දන්නවද ? Drive Modes in Digital Camera

වාහනයකට වගේම කැමරාවකටත් Drive කරන විදිහක් තියෙනව කියල දන්නව ද ? ඒකට තමයි Drive Mode කියන්නෙ. ගොඩක් අය මේ option එක පාවිච්චි කරන්න දන්නව හැබැයි Drive Mode කියන වචනෙ අහලත් අඩු ඇති.

කැමරාවක shutter එක පාවිච්ච කරන්න පුලුවන් ක්‍රම 3 ගැන තමයි මේ කියන්නෙ.

ප්‍රධාන කැමරා බ්‍රෑන්ඩ් වල මේ Drive Mode 4 ක් සඳහන් වෙනව

1. Single Shooting ( 1 Shot)
2. Continuous Shooting / Burst Mode ( Frames කිහිපයක් එකවර
3. Self Timer (යම් කාලයකට පසු)
4.Remote ( shutter button එක වෙනුවට වෙනම උපකරයක් භාවිතා කරන එක)

camera drive mode in sinhala

Single Shooting

කැමරාවේ shutter button එක press කරපුවහම එක shot එකක් එහෙම නැත්තම් එක වාරයක් shutter වෙන එක.මේකෙදි එක photo එකක් විතරක් ලැබෙනව.

බහුතරයක් photography category වලදි ඒ කියන්නෙ portraits , weddings , street , landscape වගේ set කරල photos ගන්න අවස්තාවලදී.

Continuous Shooting

එක press එකකදී shutter එක කිහිප වරක් යෙදෙන mode එක.මේ mode එකෙත් Low Speed සහ High Speed කියල වර්ග දෙකක් තියෙනව.

Low Speed වලදි frame 3-5 වගෙත් , Highspeed වලදි 8-12 වගෙත් තත්පරයක් ඇතුලත shutter වෙනව.

ගොඩක් actions ඒ කියන්නෙ wildlife , sports වගේ ඉතා ඉක්මණින් අලුත් frames capture කරගන්න වෙන අවස්තාවලදි අපි High Speed Continuous පාවිච්චි කරනව.

Remote Shooting

Remote එකක් භාවිතා කරල shutter කරගන්න අවස්තාව.කැමරාව සම්බන්ධයක් නැතිව වෙනත් උපකරණයකින් shutter එක release කරන්න තියෙන Mode එක. ගොඩක් වෙලාවට කැමරාව එක තැනක සහ shutter එක වෙන තැනක තියෙද්දී මේ දේ පාවිච්චි කරන්න වෙනව.

ගොඩක් අලුත් කැමරා ව්ල phone එක හෝ external shutter device එකක් භාවිතා කරන්න පුලුවන්.

ඔයාලගෙ අවශ්‍යතාවයට අනුව කැමරාවෙ Drive Mode එක වෙනස් කරගන්න එක ඔයාලටම බාරයි.
* කැමරාවෙ model එක අනුව මේ settings වල නම් සහ තියෙන තැන් වෙනස් වෙන්න පුලුවන්.මම මෙතන පෙන්නල දීල තියෙන්නෙ පොදු නාමය.
*ඔයාල දන්න තව දේවල් තියෙනම් පහලින් comment කරන්න.අපි දැනුම බෙදාගමු.මේ දේවල් ගැන කතා කරන්න අපේ facebook group එකටත් එකතු වෙන්න.
Leave a Reply

Your email address will not be published. Required fields are marked *