ඇයි sports photography කරන්නෙ ?

sports photography එහෙම නැත්නම් ක්‍රීඩා ඡායාරූපකරණය කියන්නේ ලංකාව තුළන් වැඩිය ජනප්‍රිය ඡායාරූප ක්ෂේත්‍රයක් නෙවෙයි.හැබැයි එහෙම ෆොටෝග්‍රෙෆි කැටගරි එකක් තියෙනවා. ඔයාලගේ දැනට ලග තියෙන ඕනෑම කමරාවකින් ක්‍රීඩාවක ඡායාරූප ගන්න පුළුවන්. හැබැයි මේකට තියෙන්න ඕන විශේෂම දේ තමයි ක්‍රීඩාව පිළිබඳ ආශාව.ක්‍රීඩා වගේම photograph ගැනත් ඉතා ලොකු කැමැත්තක් තියෙන්න ඕනේ.

මේ වෙනකොට ලංකාවේ ගොඩක් photography කරන්න ඉන්න අය වෙඩින් සහ fashion ගැන අවධානය යොමු කරලා තියෙනවා වැඩියි.ඉතින් මේ වෙනකොට මාකට් එකේ රුපියල් 5000 ඉඳන් රුපියල් ලක්ෂ දෙක විතර වෙනකන් මුදල් අය කරන මාකට් එකක් හැදිලා තියෙනවා.

මේ sports photography කරන අයගේ විශේෂත්වය වෙන්නේ මේගොල්ලන්ගේ මිල ගණන් සැලකිය යුතු මට්ටමක ඉහළ තියෙනවා.ඒකට හේතුව කැමරාවක් තියෙන ඕන කෙනෙක්ට මේ ක්ෂේත්‍රයට එන්න තියෙන නොහැකියාව.
ඒත් මේ ලිපි වලින් මම ඔයාලට කියා දෙන්නේ අන්න ඒ වැඩේ කරන්න පුළුවන් වෙන විදිහක් ගැන.
ඒ කියන්නේ අතේ තියෙන කැමරා එකෙන් ලෙන්ස් එකෙන් ක්‍රීඩා ඡායාරූපකරණය කරන්න පුළුවන් කියන එක පෙන්නලා දෙන්නයි මම හදන්නෙ.

ඉස්සරහට මේ ලිපි වලින් ක්‍රීඩා ඡායාරූපකරණය මුල ඉඳන් පටන් ගන්නෙ කොහොමද ඒකෙන් මුදල් උපයන්නේ කොහොමද කියන දේවල් වැඩිපුර සාකච්ඡා කරන්න ලෑස්ති වෙනව.
ඉතින් මේ දේවල් ගැන update එකේ ඉන්න ෆේස්බුක් වට්සැප් ගෲප් වලට එකතු වෙන්න.
-Dilantha Walpola
Sports Photographer

LEAVE YOUR COMMENTS