වසරේ සියලුම රග්බි ප්‍රේක්ෂකයන් අවධානයෙන් සිටින පාසල් රග්බි කුසලාන ලීග් තරගාවලිය dialog අනුග්‍රහයෙන් වර්ෂයේදීත් පැවැත්වීමට නියමිතයි .මෙහිදී පාසල් කණ්ඩායම් 84 ක සාභාගීත්වයක් සමග ජූනි මස 14 වෙනිදා හැවාලොක් පාර්ක් ක්‍රීඩාණ්ගනයේදී ආරම්භ වීමට නියමිතයි.
මෙහිදී විශේෂත්වය වන කොළඹට පමණක් සීමා වූ පාසල් වලට අමතරව ශ්‍රී ලංකාවේ විව්ධ දිස්ත්‍රික්ක වලින් පාසල් කණ්ඩායම් හැටකට ආසන්නව සහභාගි වීමට නියමිතයි.
පාසල් රග්බි ලීග 2024 තරගාවල‍ියේ පළමු කාණ්ඩයේ ‘ඒ‘ කොටසේ තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් තරගවදින අතර වත්මන් ශූර සාන්ත පීතර විද්‍යාලය සහ පෙර වසරේ අනුශූර රාජකීය විද්‍යාලය සමගින් ඉසිපතන විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, සාන්ත අන්තෝන් විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, කිංග්ස්වුඩ් විද්‍යාලය, ඩී.එස් සේනානායක විද්‍යාලය, සහිරා විද්‍යාලය මෙන්ම ඉකුත්වර පළමු කාණ්ඩයේ ‘බී‘ කොට‍සේ තරගාවලියේ සිට උසස්වීම් ලැබූ තර්ස්ටන් විද්‍යාලය සහ මහනුවර සුමංගල විද්‍යාලය එයට ඇතුළත් වෙනවා.
මෙම තරගවල සජීවී න් විකාශයන් thepapare හරහා මෙන්ම සජීවී චායාරූප Dilantha Walpola Sports Photography facebook පිටුව හරහා ලබා දීමට නියමිතයි.
Segment 1A
Segment 2A
ඉසිපතන විද්‍යාලය
සාන්ත පීතර විද්‍යාලය
සාන්ත අන්තෝනි විද්‍යාලය
රාජකීය විද්‍යාලය
D.S සේනානායක විද්‍යාලය
සාන්ත ජෝසප් විද්‍යාලය
ත්‍රිත්ව විද්‍යාලය
වෙස්ලි විද්‍යාලය
සාන්ත තෝමස් විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය
විද්‍යා විද්‍යාලය
සහිරා විද්‍යාලය
ධර්මරාජ විද්‍යාලය
කිංග්ස්වුඩ් විද්‍යාලය
ශ්‍රී සුමංගල විද්‍යාලය
තර්ස්‍ටන් විද්‍යාලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here