සියවසේ ඔලිම්පික් චායාරූපය (Video සහිතයි)

මේ තියෙන photo එක බොහොමයක් දෙනා මේ වෙනකොට දැකල තියෙන photo එකක්.මේ වෙනකොට මේ photo එකක් හොඳම Olympic photo එක කියලත් හඳුන්වනව.

දකින කොටම edit කරපු photo එකක්වගේ පේන මේ photo එක capture කරන්නෙ Jerome Brouillet කියන Surfing photographer. ඔහු සේවය කරන්නෙ APF කියන ප්‍රංශ පුවත් සේවයකට.

ගේබ්‍රියල් මැඩීනා කියන surfing ක්‍රීඩාවේ යෙදෙන අවුරුදු 30ක් වන බ්‍රසීලියානු ක්‍රීඩකයා 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලකුණු 9.9 ක ඔලිම්පික් වාර්ථාවක් පිහිටුවීමට සමත්වුනා.මේ ඒ අවස්ථාවෙ ගත්ත photo එකක්.

මේ photo එක ගන්නෙ අන්න ඒ අවසාන මොහොතේදී (වීඩියෝ එක පහලින් බලන්න)

මේ photo එක වාසනාවට වැදුන එකක් කියල ගොඩක් අයට හිතෙන්න පුලුවන් නමුත් මේ photo එක ගන්න ඔහු සූදානම්වුන විදිහ ගැන ඔහුගේ facebook page එකේ වගෙව්ම instagram account එකෙත් දක්වල තියෙනව.

Jeromy කියන්නෙ වෘත්තීයෙන් surfing ක්‍රීඩාව චායාරූපකරණය කරන කෙනෙක්.දැන් මෙහෙම කිව්වහම ඒක විතරක් කරන අයත් ඉන්නවද කියල අපේ ගොඩක් photography කරන “අයියලට” හිතෙනව.මුහුදු රළ ආශ්‍රිතව සිදුවෙන ක්‍රීඩා ගොඩක් තියෙනව.අපේ රටේ වුනත් ගාල්ල , මාතර හා හික්කඩුව වගේ තැන්වල

අපිට මේ photo එකෙන් ගන්න තියෙන ගොඩක් දේවල් තියෙනව.

1.කැමරා ගැන වගේම ක්‍රීඩාව ගැනත් දැනුම ලබාගන්න

අනිත් සෑම photography වැඩකට වගේම sports වලටත් ලොකු සූදානමකින් යන්න වෙනව.එක් එක් ක්‍රීඩකයන්ගෙ දක්ශතා වගේම දුර්වල අවස්ථාද හොඳන් අදුරගෙන ගෙදර වැඩ ටික හරියට කරල යන්න වෙනව.

තමන්ගාව ලෝකෙ හොඳම කැමරාඑක තිබුනත් මේ වගේ photo එකක් ගන්න කැමරාවට බෑ.ඒක පිටිපස්සෙ ඉන්න කෙනා අනුව තමයි photo එක තීරණය වෙන්නෙ.

2.හැමෝම කරන දේ නෙවෙයි.තමන් කැමති හා දක්ෂ දේ අඳුන ගන්න.

Photography කියන්නෙ එක දෙයකට සිමාවුනු දෙයක් නෙවෙයි.Photography කියන්න පොඩි පාරසයක් විහිදුනු දෙයකුත් නෙවෙයි.ඒකට හොඳම උදාහරණය jeromy.ඒ නිසා තමන්ගෙ strong තැන හොයාගන්න.දක්ශතාවය අනුව feild එක තෝරගන්න.තෝරගන්න දන්නෙ නැතිනම් හැමදේම කරල බලන්න.වැඩියෙන් තමන්ට දැනෙන දේ කරන්න.

Proffesional Photography කියන්නෙ followers ල ගොඩක් ඉන්න Social Media ත් නෙවෙයි.
Jeromy ගෙ facebook account එකේ අදටත් ඉන්නෙ followers ල 3000කට ආසන්න ගානක්.Instagram වල ලක්ශයකට ආසන්න පිරිසක්.අනිත් සෑම photography වැඩකට වගේම sports වලටත් ලොකු සූදානමකින් යන්න වෙනව.එක් එක් ක්‍රීඩකයන්ගෙ දක්ශතා වගේම දුර්වල අවස්ථාද හොඳන් අදුරගෙන ගෙදර වැඩ ටික හරියට කරල යන්න වෙනව.

තමන්ගාව ලෝකෙ හොඳම කැමරාඑක තිබුනත් මේ වගේ photo එකක් ගන්න කැමරාවට බෑ.ඒක පිටිපස්සෙ ඉන්න කෙනා අනුව තමයි photo එක තීරණය වෙන්නෙ.

අපේ රටේ හැමදේම වගේ photography තියෙන්නෙත් අවුරුදු ගානක් පස්සෙන්.හැමෝම එක දෙයක් පස්සෙ දුවනව වෙන දේවල් උත්සහ කරන්නෙත් නැතිව.අඩුම එහෙම දේවල් තියෙනවද නොදැන.

මේ මම ලියපු දේ අන්තිම වෙනකන් කියවපු කෙනෙක්නම් ඔයා අනිවාර්යයෙන්ම ඒ වෙනස් දෙයක් කරන්න උත්සහ කරන කෙනෙක්.ඒ කෙනා අඳුරගන්නත් එක්ක පහලින් comment එකක් දාන්න.ඔයාල වෙනුවෙන් විශේෂ දෙයක් මන් ගාව තියෙනව.

ජය වේවා !
ඊලඟ ලිපියෙන් හමුවෙමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *