මීට අවුරුදු 10 කට විතර ඉස්සර මොනරෙක් දකින්න කතරගම යන්න ඕනෙ. අහම්බෙන් දකින මොනරත් බලන්න වාහනේ නතර කරල බැහැල යනව. එහෙම දැකපු මොනරු දැන් මිනිස්සුන්න කරදරයක් වෙන තරමටම වැඩි වෙලා.අඟුරුවැල්ල , ගල්පාත වෙල්යායෙ මොනරු 20ක් විතර එකට බලාගන්න පුලුවන් කියල ආරන්චියක් ලැබුන නිසා හවස 5.45 වගේ වෙනකොට එතනට ගියා.මොනරෙක් පිල්විහිදවන හැටි photo එකක් ගන්න ඔනෙ නිසා සහ මේ ස්භාවික පාට වලින්ම photo එක ගන්න ඔනෙ නිසා photo ටිකකුත් ගන්න සූදානමින්. මොනරු 5 දෙනක් එකට බලා ගන්න පුලුවන්වුනා වගේම මොනරු ගැන අමුතු විස්තර ටිකකුත් ගමේ මාමල ටිකක් කිව්ව. පලවෙනි දවසෙ වැඩේ අසාර්ථකයි . මාමල කිව්ව විදිහට උදේට තමයි මොනර පිල්විහිදවගෙන නටන්නෙ.ඉතින් ආයෙත් උදේ වරුවකම ගිහින් බලන්න වෙනව. මොනරු කියන්නෙ ලස්සන සතෙක් වුනාට පුදුම කරදර සතෙක් කියල තමයි අහන්න ලබුනෙ.වෙල්යායවල් වල වැඩිපුරම ඉන්න බවත් ගොයම් පීදෙන කාලෙට වී කරලත් කනවලු. Share this:WhatsAppPost cameraphotophotography Post navigation Prev prev postPrevious page Summer V1 Preset