මංගල තරඟයේදීම නායකත්වය හිමිවන වාසනාවන්තයා

ප්‍රභල ඉන්දියානු කණ්ඩායම තම රටේ දීම පරාජයකින් පසු දකුණු අප්‍රිකානු කණ්ඩායම එලබෙන නවසීලන්ත සංචාරය සඳහා ටෙස්ට් සංචිතය නම් කිරීම 30 වෙනිදා සිදු වූ අතර මෙහිදී සුවිශේෂී අවස්තාවක් දකුණු අප්‍රිකානු ක්‍රීඩක නීල් බ්‍රෑන්ඩ් හට හිමි වී තිබෙනවා.


ඒ ඔහුගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම මෙහෙය වීමටයි.


මෙම සිදුවීම ක්‍රිකට් ඉතිහාසයේ ලී ගර්මන් ගෙන් පසු තම ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයේ නායකත්වය දරන ක්‍රීඩකයා වීමට නීල් සමත් වේ.(තම රටෙහි ප්‍රථම තරඟය නොවන)


ඒ මෙන්ම මෙම සංචාරයට නම් කර ඇති ක්‍රීඩකයන් 15 දෙනා අතරින් 6 දෙනෙකුම ටෙස්ට් වරම් හිමි කර ගැනීමට නියමිතයි.


දකුණු අප්‍රිකානු ප්‍රිමියර් ලීග් T20 තරඟාවලිය (SA T20) සහ නවසීලන්ත සංචාරය එකම දිනයන් වලදී පැවැත්වෙන නිසා ගිවිසුම්ගත ක්‍රීඩකයින් එයට සහභාගීවීම නිසා නවක ක්‍රීඩකයි රැසකට වටිනා අවස්තාවක් හිමිවී තිබෙනව.

 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරය එලබෙන පෙබරවාරි මාසයේ පැවැත් වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *