දැන ගන්න ඕනෙම Auto Focus Settings

ඕනෙම ඩිජිටල් කැමරාවක තියෙන වටිනාම option එකක් තමයි Auto Focus (AF) එක. ඒ කියන්නෙ කැමරා එකේ focus එක auto ම හදාගන්න එක. අපිට ඕනේ තැන කැමරා එකට focus කරගනන් එක. හැබැයි settings හරියටම පාවිච්ච කරන්න දැනගන්න එක සෑහෙන ලොකු වාසියක් සහ ඔයාගෙ photos next level එකට ගෙනියන්න පුලුවන් වෙනව.

ඕනෙම කැමරාවක ප්‍රධාන වශයෙන් තියෙන්නෙ settings 3ක් ,

  1. Single AF (One Shot)
  2. Continuous AF (AI Servo)
  3. Automatic AF

මේ තුන ගැන වෙන වෙනම අපි පහලින් බලමු.

canon-autofocus-modes

Single AF (One Shot)

බහුතරයක් දෙනා චායාරූපකරනයේදී  භාවිතාකරන AF mode එක.මෙතනදි වෙන්නෙ කැමරාව ලබා ගන්න හරි අපි ලබා දෙන හරි එක subject එකක් focus කරල තියා ගන්න එක. මෙතදී කැමරාව focus එක වෙනස් කරන්න උත්සහ කරන්නෙ නෑ.

මොන වගේ අවස්තා වල දී ද පාවිච්චි කරන්න ඕනේ ?

subject එක සෙලවෙන්නෙ නැති අවස්තා වලදී.කන්දක් , දර්ශනයක් වගේ photo එකක් ගන්න වෙලාවකදී.අමතරව portrait photography , fashion වගේ දේවල් වලදී.

Continuous AF (AI Servo)

ලංකාවෙනම් ගොඩක්ම භාවිතා නොවෙන AF mode එකක්.මෙතනදී කරන්නෙ කැමරාවට අපි focus කරන්න කිව්ව දේ එයා focus කරගෙනම ඉන්නව.Subject එකේ පීහිටිම වෙනස්  වෙන විදිහට focus එක කැමරාවෙන් හදාගන්නව. සෙලවෙන subject එකක් focus කරන්නම හදල තියෙනනෙ.

මොන වගේ අවස්තා වල දී ද පාවිච්චි කරන්න ඕනේ ?

subject එක වේගයෙන් සෙලවෙන අවස්තා වලදී. Wildlife , sports  වගේ action තියෙන දේවල් වලදී.

Automatic AF

මේ setting එකේ දි වෙන්නෙ one-shot සහ continuous mode දෙක කැමරාව විසින් අවශය විදිහට කැමරාව විසින් තීරණය කරගන්නව. 

මොන වගේ අවස්තා වල දී ද පාවිච්චි කරන්න ඕනේ ?

මේක ගොඩක්ම පාවිච්චි කරන්නෙ අලුතෙන් කැමරාව ගත්ත අය වගේම තමන්ට තේරෙන්නෙ නැති වෙලාවල් වලට තමයි.

මේක තේරුම් ගන්න සහ කැමරා brand අනුව මේ settings තේරුම් ගන්න පොඩි වගුවක් පහල තියෙනව.

autofocus settings and modes
4 comments
    • Ilanga
    • සුපිරි ගොඩක් වටිනවා

      • Dilantha Walpola
      • ස්තූතී

    • Tharin nethmira
    • Ane ayye ganna hoda camarara wak kiyann ko mage laga loku ganak na

      • Dilantha Walpola
      • keeyak wageda thiyenne malli ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *